වෛරස් වර්ග
Companion Viruses..
Ms Dos (PC Dos) වලදි වැඩසටනක් ආරම්භ කරනුයේ එම වැඩසටනේ නම කෙලින්ම තිරය මත සටහන් කිරීමෙනි. උදා- run.exe එක ධාවනය කිරීමට run කියා හෝ run.exe ලෙස ටයිප් කල යුතුය. පරිශීලකයා බොහෝ විට පළමු ක්රමය අනුගමනය කරයි. නමුත් පරිගණකයේ run.com නමි file එකත් තිබුනොත් වැඩ කරන්නේ run.com වැඩසටහනයි. (ඔබ dos මත වැඩ වැඩටහනක නමක් දිගුවක්(extension) නොමැතිව ධාවනය කරන විට පළමුව dos මගින් .bat ආකාරයේ වැඩටහනක් ඇත්දැයි සොයයි. පසුව .com හා ඉන් පසුව .exe ආකාරයේ වැඩටහනක් අත්දැයි සොයයි. ඉන් හමුවන පළමු වැඩසටහන ධාවනය කරයි). මෙම ගුණාංගය ප්රයෝජනයට ගෙන මෙම වර්ගයේ වෛරස නිර්මාණය කර ඇත. වෛරසය මගින් දැනට පරිගණකයේ ඇති .exe ආකාරයේ ගොනු සඳහා .com ආකාරයේ ගොනු සාදයි. ඒවා තුළ වෛරස තැන්පත් කරයි. ඒ නිසා පළමුව වෛරසය ධාවනය වී පසුව වෛරසය .exe ගොනුව ධාවනය කරවයි. මේ ආකාරයට පැතිරීම සිදුකරයි.
Email Viruses..
විද්යුත් තැපෑල මාර්ගයෙන් පැතිරෙන් වෛරස. සාමාන්යයෙන් මෙම වෛරස ස්වයංක්රීයව ලිපින එකතුවේ (address book) ඇති අනෙකුත් විද්යුත් තැපැල් ලිපිනයන්ටද වෛරසය තැපැල් කර යවමින් පැතිරෙයි.
Logic Bombs and Time Bombs..
පරිගණකයේ කිසියම් ක්රියාවක් හා අනුබද්දව ප්රතිචාර දක්වයි.(උදා - ගොනු මකා දැමීමේදී, මුද්රිත පිටපත් ලබා ගැනීමේදී) මෙම වෛරස නියමත කාලයකට අනුව ප්රතිචාර දක්වයි නම් එයට Time bomb කියා කියයි.
Macro Viruses..
Microsoft office පැකේජයන් හී භාවිතා වන නියෝග එකලස (macro) මාර්ගයෙන් පැතිරෙයි.
Cross-site Scripting Virus..
මෙම වැඩ සටහන් සත්යය වශයෙන්ම වෛරස නොවූවත් සිදුවන හානිය ගැන සලකා වෛරස සේ වර්ග කරයි.
Trojan Horses..
පිටතින් වෙන වැඩ සටහනක් මෙන් පෙනීසිට, පරිගනකයට අනවසර පුදිගලයන්ට ඇතුලු වීමට සැලැස්වීම, පරිගනකයේ ඇති දත්ත පිටස්තරයන්ට ලබාදීම.
Worms..
පරිගණක ජාල හරහා පරිශීලකයාට කිසිදු දැනුම් දීමකින් තොරව පැතිරොන වෛරස වර්ගයක්. බොහෝවිට ඉලක්ක පරිගණකියේ දත්ත විනාෂ කිරීම හෝ දූෂිත කිරීම සිදු කරයි.

No comments:
Post a Comment
මතක ඇතුව මේ ගැන ඔයාලගේ අදහස් දිලා යන්න...!
මේ ලිපිය ගැන ඔයාලට හිතෙන ඕනම දෙයක් කියන්න...!
ඔබගේ අදහස් හුගක් වටිනවා.!